රූකඩ ආණ්ඩුව යටතේ රට අයාලේ යනවා… ආයෝජකයෝ රට අතෑරලා යනවා…!

January 30, 2026 at 11:59 am | by emanisa.lk

රූකඩ ආණ්ඩුව යටතේ රට අයාලේ යනවා… ආයෝජකයෝ රට අතෑරලා යනවා…!

“වැඩපිළිවෙළක් නීතියක් දර්ශනයක් නැති රටකට ආයෝජකයෝ ඒයිද? අම්බුළුවාවේ චීන ආයෝජනය කළ අය ලියුමක් ලියලා ගෙදර ගියා. සූර්ය බලය සඳහා ආයෝජනය කරන්න දෙස් විදෙස් ආයෝජකයන් ආවා. දැන් ඔවුන්ට ලබා දුන් පොරොන්දු සම්පූර්ණයෙන් කඩාදාලා.

පෙටෝලියම් එක, ගල් අඟුරු බලාගාරය පිටුපස විශාල වංචා සිදුවන බව ලෝකයම දන්නවා. ප්‍රසම්පාදන ක්‍රියාවලියේදි තම හිතවතුන්ට වාසි සැලසෙන විදිහට අත්තනෝමතික ලෙස කටයුතු කරනවා. මේ සියල්ල තුළ මේක අතෑරලා දාපු රටක් කියන මතය ලෝකයට යනවා.

අපට සංචාරක ආදායමක් නැත්නම්, ශුද්ධ අපනයන ආදායමක් නැත්නම්, ඍජු විදේශ ආයෝජනත් නැත්නම් කොහොමද ආර්ථිකය ගොඩයන්නේ? මේ ගැන කොච්චර කතා කළත් ආණ්ඩුව ඇහුනේ නෑ වගේ ඉන්නවා. මේක තමයි රූකඩ ආණ්ඩුවක ලක්ෂණය.”

සර්වජන බල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *