රූකඩ ආණ්ඩුව ජාතික ඇඳුමට නෙමෙයි ජාතියටම ගහනවා….! – දිලිත් ජයවීර…

January 24, 2026 at 10:35 am | by emanisa.lk

වර්තමාන රූකඩ ආණ්ඩුව දිගින් දිගටම ජාතියට මෙන්ම ජාතිකත්වයට පහර දෙන බවත් ඇමති කේ.ඩී. ලාල්කාන්ත එය පිළිගෙන ඇති බවත් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු දිලිත් ජයවීර පවසයි.

“ජාතික ඇඳුමට ගහන එක තමයි මේ කරන්නේ. ඒකේ සංකේතාත්මක කියවීම ජාතියටම ගහනවා කියන එක. මේ රූකඩ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ විජාතික හස්තයකින්. විජාතික අවශ්‍යතාව තමයි ජාතිකත්වයට ගහන එක. ජාතික සමගිය නැති කරන එක. ජාතික ආර්ථිකය බිඳ දැමීම. මේ සියල්ල සඳහා තමයි ඔවුන් කටයුතු කරන්නේ.

මම දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව එකම දේශපාලන මතයක හිටි කෙනෙක්. අපි විවිධ තැන්වලට ගියා කියලා කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. නමුත් ලාල්කාන්තලා ගමෙන් ආ කොල්ලෝ කුරුටුටෝ ටිකක් එකතු කරන් ටයි කෝට් බෑ දාලා විවිධ නම් දා ගෙන විජාතික අවශ්‍යතා සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒ චණ්ඩි පාට් නම් අපට දාන්න ලෑස්ති වෙන්න එපා.”

සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *