රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෛද්‍ය සුජීව අමරසේන වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය අති විශේෂ ගැසට් පත්‍රයක් අද (24) නිකුත් කරමින් මෙම පත්කිරීම සිදුකර ඇත.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර ඇත.
රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව එහි සඳහන් වේ.
මෙම පත්වීම හෙට සිට බලාත්මක වන බව ද එම ගැසට් පත්‍රෙයහි සඳහන් වෙයි.