රුහුණ උප කුලපතිකම ඉහළ ම ලකුණුලාභියා වෙනුවට ජවිපෙ ක්‍රියාකාරිකයෙකුට…!

March 8, 2025 at 11:56 am | by emanisa.lk

රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සමන්ත කුමාර විසින් නිකුත් කොට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ලිපියක් පහත දැක්වෙයි.

රුහුණේ VC පත් කිරීම සහ මම.
මගෙ සමීපතයන් දන්නව මම රුහුණේ VC තනතුරට apply කරල, selectionවලදී UGC circular අනුව අයඳුම්කරල පලවෙනියට තේරුනා කියල. ඒ වුනත්,

ජනාධිපතුමාගෙ නිර්දේශය මත දෙවැනියට ලකුණු ලබාගත්තු JVP ක්‍රියාකාරිකාරිකයකු ලෙස කටයුතු කල මහාචාර්‍යවරයකු රුහුණේ VC ලෙස පත්කරල කියල කියල අද දැනගන්න ලැබුන.
NPP එකෙන් පත්කරපු council එකකින්ම පලවෙනියට තේරිල පත් වූ මම සහ JVP එකටම එදා ඉදන් වැඩ කරල, JVP එකෙන්ම කපලද? පරාදවුනා නේද? කියල. මගේ සමීපතයන් මගෙන් අහනවා.
ඉතිං මම පරාදයිද?

මම පාරදයි කියල මම හිතන්නේ නෑ..නමුත්, සුදුසුකම් ලැබුවත්, මාව රුහුණේ VC තනතුරට පත් නොකිරීම ගැන ඉතා දැඩි කණගාටුවක් තියෙනවා කාරණා කිහිපයක් නිසා.

# JVP දේශපාලනය තුලින් සාදාරණය සහ අවංකභාවය සුදුස්සාට සුදුසු තැන බලාපොරොත්තු වීම මත JVP දේශපාලනය තුල කටයුතු කිරීම. ඒ මත පිහිටා හැකි හැම අවස්තාවකම JVP ජයග්‍රහණය අපේක්ෂා කරමින් කටයුතු කිරීම කෙතරම් අනුවන කමක්දැයි හැගීම.

# විශ්ව විද්‍යාලයක් වැනි ආයතනයක තනතුරු පත්කිරීමේදී අයදුම්කරුවන්ගේ යෝග්‍යතාවයට වඩා, JVP දේශපාලනයේ ‘ක්‍රියාකාරීව’ නියුතුවීම කියන කාරණාව මත පත්කිරිම් සිදුකිරීම. UGC circular මගින් ඉතා පැහැදිලි නිර්ණායක මත ඇගැයීම් සිදුවුවද ක්‍රියාකාරී දේශපාලන සහභාගිත්වය මත තනතුරු සදහා පත්කිරීම මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද කාරණාවකි.

# විශ්ව විද්‍යාලයක VC තනතුරට පත්කිරීමේදී මේ ආකරයෙන් JVP දේශපාලනය මැදිහත්වන්නේ නම් අනෙකුත් තනතුරු පත්කිරීමේදි JVP මැදිහත් නොවන්නේ යැයි අපේක්ෂා කල හැකිද? VC තනතුර ඉතා ප්‍රභල ලෙස දේශපාලනීකරණය කර තිබීම මත අනෙකුත් පුරප්පාඩු පිරවීමේදී VC ගෙ මැදිහත් වීම කෙසේ විය හැකිදැයි සිතා ගත නොහැකිය.

# කිසිලෙසක අපේක්ෂා නොකල පරිදි selection එකේදී පලමුවැනියා වූ මා අංක දෙකට දමන්නට UGC යේ chairman සහ vice chairman (දෙදෙනාම JVP ක්‍රියාකාරින් ලෙස NPP ජයග්‍රහණය සදහා කටයුතු කල අය ලෙස මා අසා ඇත) කටයුතු කර තිබීම. (RIT මගින් තොරතුරු ඉල්ලුම් කර ඇත. ඉදිරි දින කීපයේදී එය ලැබුනු පසු ඔබව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අපේක්ෂා කරමි).

# තමන් කැමති තනතුරට, තමන්ට වඩා සුදුසු අයකු තමන්ගේම දේශපාලන පක්ෂයේ ජයග්‍රහණය මත පත්කරපු council එකකින් තෝරා ඇති විටක ඊට අනුගත නොවී, JVP දේශපාලන සම්බන්දතා මත තනතුරු පස්සේ යන අය සහ ඊට අනුබල දෙන අයවලුන් ඇසුරු කිරීම.

# JVP ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතාවය මත, මෙම පත් කිරීම මගින් ජනාධිපති තුමා විසින් NPP කෙරෙහි තැබූ විශ්වාසය සහ අභිලාෂයන් විනාශ කිරීම.
………………..
ඇයි අපි නඩුවක් දාමු කියලත් සමහර සමීපතයන් යෝජනා කරනව.

මට අනුවනම් නඩු කියල මොනව දිනන්නද? අවුරුදු තුනක තනතුරකට නඩු දාන්න මට කිසිදු අවශ්‍යතාවක් නෑ කියලත් මම ඔවුනට පැහැදිලි කලා. ඒ කිසිවකු තනතුරුවලින් නෙරපීමේ අවශ්‍යතාවයක් මා හට නොමැති නිසාත්, මා පරාජයක් ලබා නැති නිසාත් එවැනි යෝජනා ප්‍රතික්ෂේප කරමි.

කවුරුන් පරාදද යන්න ඔබ තීරණය කරන්න. මා හට ඇතිවුන කලකිරීම ගැන පසුතැවිලි නොවී, ඉදිරිය ජයග්‍රහණය සදහා කටයුතු කරමු. එසේ නොවුනහොත් ඔබටද මා මෙන්ම මේ දේශපාලන ක්‍රමය තුලදීම කලකිරීමට සිදු වේවි.

ස්තූතියි.
මහාචාර්ය සමන්ත කුමාර
කළමනාකරණ හා මූල්‍ය පීඨය
රුහුණ විශ්ව විද්‍යාලය.
06. 03. 2025

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස