රුසියානු හමුදාව කිව් අගනුවර අල්ලන්න ඔන්න මෙන්න…! යුක්‍රේන ජනපති ඇතුළු ආණ්ඩුව ම කොටුවෙයි…!

March 2, 2022 at 12:20 pm | by emanisa.lk

රුසියානු හමුදා කීව් අගනුවර අල්ලා ගැනීමට ඉතා ම ආසන්න වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. නගරය වට කළ රුසියානු හමුදා, කීව් අගනුවර වැසියන්ට පවසා ඇත්තේ වහා නගරයෙන් පිට වී යන ලෙස ය.

නගරයෙන් පිටවීමට ප්‍රධාන අධිවේගී මාර්ගය භාවිතයට ගන්නා ලෙසත් කිසිවකුට අනතුරක් සිදු නොකරන බවත් එම හමුදාව පොරොන්දු වී ඇතැයි ද පැවැසෙයි.

නගරය අත්හැරීම ප්‍රතික්ෂේප කරන යුක්රේන ආරක්ෂක අංශ සාමාජිකයන්, සිවිල් වැසියන් පමණක් නොව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද චෝදනා කර ඇත්තේ රුසියානු හමුදා සිවිල් ඉලක්ක වෙත දිගට ම ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවය.

රුසියානු හමුදාව ප්‍රහාර සඳහා අධි බලැති රික්තක බෝම්බ ද යෝදා ගන්නා බවට යුක්රේන හමුදා චෝදනා නගයි.

මේ වන විට රුසියන් ප්‍රහාර හේතුවෙන් මියගිය යුක්රේන සිවිල් වැසියන් ගණන 536 ක් බවත් 400 ක් තුවාල ලබා ඇති බවත් බටහිර මාධ්‍ය වාර්තා වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *