වර්තමාන ආණ්ඩුව යටතේ ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් ප්‍රමාණය අඛණ්ඩව පහළ වැටෙමින් ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
රුසියානු සංචාරකයන් පැමිණීමේ — සත්‍ය දත්ත:
• 2023 – 197,498 (+110%)
• 2024 – 201,920 (+2%)
• 2025 – 186,580 (–8%)
• 2026 Jan/Feb – (–21%)
අද මාලිමා රජයේ මුල් මාස 2ක තුළ රුසියානු සංචාරකයන්ගේ පැමිණීම 21% කින් අඩුවී ඇත.
මෙය මතයක් නොවේ. මෙය නිල දත්තය.
2026 අවසානයේ 40% ක අඩුවීමක් සිදුවන බව මා සටහන් කර තබමි. එය සංඛ්‍යාත්මක වෙනසක් නොව, මාලිමා ප්‍රතිපත්ති අසාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසගත වනු ඇත.
වල්දිමීර් පුටිං ජනාධිපතිවරයාගේ නිල ආරාධනාව කුණුකුඩේට දාලා, රාජ්‍යතාන්ත්‍රික මිතුරන් අමතක කිරීමේ ප්‍රථිපල ලැබී ඇත. දැනටත් රුසියාවට ගොස් පසුගිය රජයන් විවේචනය කිරීමෙන් සංචාරකයන්ගේ පැමිණීම වැඩි නොවන බව මාලිමා මහාචාර්ය තේරුම් නොගැනීම රටේහි අවාසනාවකි.
සංචාරක වෙළඳපොළ දේශපාලන වේදිකාවක් නොවේ — එය වාණිජ ක්ෂේත්‍රයකි. එය රැකගැනීමට:
✔️ රුසියානු සංචාරක ආයතන සමඟ විශ්වාසය ගොඩනගා දිගුකාලීන මිතුරු සබඳතා ශක්තිමත් කිරීම
✔️ Charter flight ගිවිසුම් සහ Block seat එකඟතා
✔️ ශීත සමයට විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්
✔️ තරඟකාරී හෝටල් මිලක් ලබාදීම
රුසියානු සංචාරකයන් අද ශ්‍රී ලංකා සංචාරක ආර්ථිකයට අත්‍යවශ්‍යය. විශේෂයෙන් වෙරළ කලාපයේ හෝටල් කර්මාන්තයට.
එබැවින්, පච කීම පමණක් ප්‍රමාණවත් නැහැ. ප්‍රතිඵල අවශ්‍යය. 2026 වසරේ රුසියානුවන්ගේ පැමිණීම 40% කින් අඩුවීමකට ඉඩ නොදිය යුතුයි.
උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.