රුපියල් ට්‍රිලිනයක බදු පොලු තිබ්බත් කිසිම නඩුවක් නෑ.. කෝටියට වැඩි බදු පොලුකාරයෝ 4570යි… කෝටි සීයට වැඩි බදු පොලුකාරයෝ 90යි… අනුර යටතේ සියලු හොරු සුරක්ෂිතයි..! – පාඨලී චම්පික රණවක….

November 23, 2025 at 2:55 pm | by emanisa.lk

මාලිමා ආණ්ඩුව ජාවාරම්කාරයන් මුලිනුපුටා දමන බවට වහසි බස් දෙඩුව ද රුපියල් ට්‍රිලිනයකට අධික බදු පොලු තැබූ සියලු ජාවාරම්කාරයන් වර්තමාන ජනාධිපති යටතේ ඉතාම සුරක්ෂිත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

රුපියල් කෝටියට වඩා බදු නොගෙවූ 4570 දෙනෙක් ද කෝටි සියයකට වඩා බදු නොගෙවූ අය 90 දෙනෙක් ද සිටින බව ද ඒ කිසිවෙකුට වර්තමාන ජනාධිපතිවරයා නඩු පවරා නැති බව ද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ආණ්ඩුව නඩු පවරා ඇත්තේ කන්නාඩි කුට්ටම් බෙදා දීම, පත්තර දැන්වීම් පළ කිරීම ආදියට බවත් සියලු බදු පොලුකාරයන් කිසිදු උපද්‍රවයක් නොමැතිව සිටින බවත් පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

එපමණක් නොව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700ක ණය පොලු තැබූ අය ද ජාවාරම්කාරයන් මර්දනයට ආ ආණ්ඩුව යටතේ කිසිදු කරදරයක් නැතිව සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

උත්සව සභාවක් අමතමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *