රිළා ගහනය පාලනය නොකළොත් කෘෂි ආර්ථිකය බිඳ වැටෙනවා… නමුත් රිළා වන්ධ්‍යකරණය හිතූ තරම් ලේසි නෑ…! – මාතලේ දිස්ත්‍රික් ලේකම්…

December 18, 2024 at 1:52 pm | by emanisa.lk

ආහාර දාමයේ බිඳ වැටීම රිළා ගහනය ඉහළ යෑමට බලපා ඇති බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න පවසයි.

“රිළා ආක්‍රමණය පොල් වගාවේ හානිය ඉහළ යෑමට බලපා ඇති අතර පොල් ඉඩම් කට්ටිකර විකිණීම ද බලපෑමක් ඇතිකර තිබෙනවා. රිළවා ආරක්ෂිත සත්ත්වයෙකු නොවන බව පරිසරවේදීන් පවා කියනවා. වනජීවී දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව මාතලේ රිළවුන් වන්ධ්‍යකරණය කිරීමට කටයුතු කළත් එය දීර්ඝකාලීන වැඩපිළිවෙළක්.

ආහාර දාමයේ බිද වැටීම රිළා ගහනය ඉහළ යෑමට බලපා ඇති බැවින් දිවියා වැනි විලෝපිත ගහනය වැඩි කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. පීනන්ට බහින්න ඕන වතුරට. කවුරුහරි කොහෙන් හරි පටන් ගන්න වෙනවා.

මේ නිසයි රිළවුන් වන්ධ්‍යකරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ. පාලනය කළ නොහැකි අන්දමින් වැඩි වන රිළා ගහනය හමුවේ කෘෂි ආර්ථිකය බිඳ වැටීමේ අවදානමක් තිබෙනවා.”

රිළවුන්ගේ ආක්‍රමණය නිසා බෝග වගාවට සිදුවන හානිය සහ ආක්‍රමණික රිළවුන්ගේ බෝ වීම පාලනය සඳහා රිළවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ඊයේ (17) කරුණු සාකච්ඡා කළ අවස්ථාවේ දී ලේකම්වරිය මේ බව පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *