කොළඹ දිස්ත්‍රික්කයේ රිළවු 44,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට පසුගියදා කරන ලද කෘෂි භෝගවලට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනයේ දී අනාවරණය වී ඇත.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ද රිළවු ලක්ෂ එක හමාරකට වැඩි සංඛ්‍යාවක්ද වඳුරන් 69,000 ක් ද, මොනරුන් 27,000 ක්ද, දඬුලේනුන් 48,000 ක්ද වාර්තාවී තිබේ.
දිවයිනේ අඩුම රිළවුන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයෙන් රිළවු 1,350 ක් පමණ වාර්තා වී ඇත.
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ රිළා ලක්ෂ 11ක් පමණ පමණ බව වාර්තා වෙයි. මේ අතර අදාළ සත්ව සංගණනය නිසි ලෙස සිදු නොවූ බවත් ඇතැම් ප්‍රෙද්ශවලට සංගණන පත්‍රිකා බෙදා දී නොතිබුණු අතර බෙදා දුන් පත්‍රිකා එකතු කර ගැනීමට කටයුතු නොකළ බවට ද චෝදනා එල්ල වෙයි.
රිළා ගහනය සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන්, රිළවුන් විශාල කූඩුවල රැඳවීම සම්බන්ධව ද වනජීවි අංශවල අවධානය යොමුවී ඇත.