රිලවුන් විසින් වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 200ක පමණ විනාශ කිරීම පොල් මිල ඉහළ යෑමට මූලික හේතුවක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
මෙම තත්ත්වය පාලනය කිරීමට වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවත් තමා විසින් රිලවුන් ලක්ෂයක් චීන සත්ව උද්‍යාන වෙත යැවීමට සැලසුම් කළේ ඒ අනුව බවත් හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
එම වැඩපිළිවෙළ පරිසරවේදීන් අධිකරණයට ගොස් නතර කළ බවත් ඔවුන් විසින් ගස්වල සාරි බැඳීම, තහඩු එල්ලීම සහ ඉඩමේ කොටසක් රිලවුන්ට අතහැරීම වැනි ප්‍රායෝගික නොවන විසඳුම් ලබා දුන් බව ද ඔහු පෙන්වා දෙයි.
චීනයට රිලවුන් ගැනීමේ යෝජනාව තවමත් පවතින නිසා ගොවි ජනතාව වෙනුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද මහින්ද අමරවීර සඳහන් කළේය.