රිලා ප්‍රශ්නයට පිළියමක් ලෙස ඔවුන් දූපතක රඳවා තැබීමේ විසඳුම ක්‍රියාත්ක කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.
මේ සඳහා රන්දෙණිගල ජලාශය ආසන්නයේ විශාල දූපතක් හඳුනාගෙන ඇති බවත් රිලවුන් මෙගොඩ පැමිණීම වැලැක්වීමට විශාල විදුලි වැටක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බවත් ඔහු කියා සිටියි.
මෙවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ද ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙය ද මන්ත්‍රීවරයා සිහිපත් කරයි. අඩුපාඩු තිබිය හැකි වුවත් ඒවා නිවැරදි කරගෙන කටයුතු කිරීමට අදහස් කරන බවද ඔහු අවධාරණය කරයි.
වන සතුන්ගෙන් වන හානි සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අනුමැතිය සහිතව මෙය ක්‍රියාත්මක කිරීම සිදු කරන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.