අතීතයේ ගොවි ජනතාවට සිය වගාව ආරක්ෂා කර ගැනීමට තුවක්කු ලබා දී තිබූ බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
එම තුවක්කු 1971-72 සහ 1988-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ මෙම තුවක්කු එකතු කරගත් බවයි, ඔහු සඳහන් කළේ.
වන සතුන් ඉහළ යෑමට එය හේතුවක් වූ බවත් සතුන් සිදුකරන වගා හානියට ජවිපෙ වගකිව යුතු බවත් රංජිත් මද්දුමබණ්ඩාර අවධාරණය කරයි.
සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.