පොල් ත්රිකෝණය තුළ 2022 වසරේ දී පමණක් පොල් ගෙඩි කෝටි 20ක් රිළවුන් විසින් විනාශ කර දමා ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
එසේ ම මෙම වසරේ පළමු කාර්තුවේ දී වන සතුන් විසින් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇතැයි ද එම ආයතනය පවසයි.
මෙම අතරින් වැඩි ම වගා හානියක් කර තිබෙන්නේ රිළවුන් විසින් බව පෙනී ගොස් ඇති අතර පිළිවෙළින් වල් ඌරා, මොණරා, දඬුලේනා, ඉත්තෑවා හා වඳුරා ඊළඟ ස්ථාන හිමිකරගෙන ඇත.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර විසින් මෙම වසරේ වන සතුන්ගෙන් සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙස කළ දැනුම් දීමක් අනුව මෙම වාර්තාව ලබාදී ඇත.