රිලවුන් චීනයට හෝ වෙනත් ඕනෑම රටකට යැවීමට විරුද්ධ වන ඕනෑම අයෙකුගේ නිවාසවලට රිලවුන් 10-15 බාර දිය යුතු බව රිලා උවදුරෙන් පීඩා විඳින අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවල ගොවීහු කියා සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම රිලා ගහනය නිසා තම වගාවන් කිසිසේත්ම නිසි ඵලදාව ලබාගත නොහැකි බවත් ඵලදාවෙන් අඩක් පමණ රිලවුන් විසින් කා දමන බවත්ය.
තම නිවාස වහලවල් රිලා රංචු පිටින් පැමිණ විනාශ කරන බවත් පිසූ ආහාර, වියළි ආහාර පවා මොවුන් පැහැරගෙන යන බවත් ඇතැම් අවස්ථාවල නිවසේ සිටින කුඩා දරුවන් පවා පැහැරගෙන යාමට උත්සාහ දරන බවත් ඔවුන් කියා සිටී.
රිලා රංචු පිටින් පැමිණි පසු මුළු ගම්මානයකම භව භෝග විනාශ කරන බව ද පෙන්වා දෙන ඔවුන් කොළඹ සිටින පරිසරවේදීන් මෙම ව්‍යවසනය නොදන්නා බවත් ඔවුන්ට එය දැනගැනීමට ඔවුන්ගේ නිවාසවලට රිලවුන් දහයක් පහළොවක් බැගින් ලබා දීමට යෝජනා කරන බව ද කියා සිටිති.