රිලවුන්ගේ චීන වීසා කැන්සල්….දෙනවා කී දුපතත් නෑ… මිලියන 284 වියදමින් රටේම රිලවු මාතලේට..!

February 7, 2026 at 5:08 pm | by emanisa.lk

මෙරට පළමු රිළා රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නයෙන් ඉදි කිරීමට මේ වන විට භූමියක් හඳුනාගෙන තිබේ. ඒ සඳහා මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත.

ජලය, ආහාර, ආරක්ෂාව ඇතුළුව හෙක්ටයාර් 150ක් මධ්‍යස්ථානය ඉදිකිරීමට තෝරාගෙන තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට රුපියල් මිලියන 283.87ක ප්‍රතිපාදන වෙන් කර ඇත. හානිකර රිළවුන් අල්ලා රැඳවුම් මධ්‍යස්ථානයට මුදා හැරීමටත් ගැහැනු සතුන් සඳහා ලූපයක් පළඳවා ගහනය පාලනය කිරීමටත් තීරණය කර ඇත.

ගාල් කෙරෙන රිලවුන් යළි පලා නොයන ලෙස මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉදිකෙරෙනු ඇති අතර එම ප්‍රදේශයේ ස්වාභාවික ආහාර සතුන්ට ප්‍රමාණවත් බවත් අවශ්‍ය වුවහොත් පිටතින් ආහාර සැපයීමට ද තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *