රෑ දොළහමාරට කෝල් කළාම පුදුම වුණා… මම මන්ත්‍රී කියලා පිළිගත්තේම නෑ…! – මාලිමා මන්ත්‍රී…

February 25, 2025 at 5:08 pm | by emanisa.lk

පසුගිය දිනක රෑ 12.30ට පමණ පාර්ලිමේන්තුවේ සිට තමන් සිය ගම්වැසියන් දෙදෙනෙකුට කතා කළ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.

එහි දී තමන් කවුදැයි ඔවුන්ට හඳුන්වා දුන්න ද එය පිළිනොගත් බව ද හෙතෙම සඳහන් කරයි.

“උඹ මන්ත්‍රී වෙන්න බෑ. බොරු කියන්න එපා. උඹ කෝල් එක ගත්තේ මොකටද කියපන්.” යැයි ඔහු සඳහන් කළ බව ද සුනිල් රත්නසිරි ප්‍රකාශ කරයි.

ඔවුන් එය පිළිනොගත්තේ එය විස්මයක් පුදුමයක් නිසා බවයි, මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *