රෑ දහය දක්වා ලයිට් නිවන ජාතික වැඩපිළිවෙළ අද සිට….!

March 29, 2026 at 9:59 am | by emanisa.lk

දේශීය විදුලි පරිභෝජනය 25%කින් සීමා කිරීමේ දැවැන්ත ඉලක්කයක් සහිතව, රජය විසින් දියත් කරනු ලබන සුරකිමු ලංකා නම් විශේෂ ව්‍යාපෘතිය අද (29) සිට ආරම්භ වේ.

මෙය ජනාධිපති ලේකම් කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ආයතනය ඒකාබද්ධව මෙහෙයවන වැඩසටහනකි.

දිනපතා පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා වාර්තා වන ඉහළම විදුලි ඉල්ලුම පාලනය කිරීම මෙහි මූලික පරමාර්ථයයි.

උපරිම ඉල්ලුමක් පවතින කාල සීමාවන් මගහරිමින්, බලශක්තිය පරිහරණය කිරීමට මහ ජනතාව යොමු කිරීම මෙහිදී සිදු කෙරේ.

විදුලිය භාවිතයේ පවතින සාම්ප්‍රදායික රටාවන් වෙනස් කරමින් ජනතාව දැනුම්වත් කිරීම මෙම මෙහෙයුමේ ප්‍රමුඛ කාර්යයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *