රෑට විදුලිය දෙන සූර්ය පැනල හිමියන් ඉහළ මිලක්….!

October 18, 2025 at 5:04 pm | by emanisa.lk

පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ ප්‍රතිපත්තියට අනුකූලව පියසි මත සවිකරන සූර්ය පැනල සඳහා (Roof Top Solar) සහ බිම මත සවි කරන සූර්ය පැනල සඳහා (Ground Mounted Solar) නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය කටයුතු කර තිබේ.

මෙහිදී දිවා කාලයේ ජනනය කරන සූර්ය බලය ගබඩා කර තබා රාත්‍රි කාලයේදී අලෙවි කළ හැකි අතර
එසේ අලෙවි කරන එම විදුලි ඒකකයක් සඳහා රු. 45.80ක් ලබා දීමට පියවර ගෙන තිබේ.

මෙය අපතේ යන සූර්යාලෝකය ගබඩා කර එය රටට අවශ්‍ය මොහොතේදී භාවිත කිරීමට කටයුතු කළ හැකි නව ක්‍රමවේදයක් ලෙස හඳුන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *