ආනයනික රට ඉඳි කිලෝවක් සඳහා මෙතෙක් පනවා තිබූ රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2025 මාර්තු මස දක්වා කිලෝවකට රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ එළඹෙන රාමලාන් උත්සව සමය වෙනුවෙනි.
කෙසේ වෙතත් මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහල් සඳහා ඉතිහාසයේ විශාලතම ආනයනික බද්ද අය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ. ඒ සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක බද්දකි.
ආහාර, ඖෂධ, අධ්‍යාපන උපකරණ සහ සෞඛ්‍ය සේවා මත පනවා ඇති සියලු බදු වහාම ඉවත් කිරීමට ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ මැතිවරණ ප්‍රකාශනය මගින් ආණ්ඩුව පොරොන්දු වී තිබිණි.