රාජාංගනේ සද්ධාතිස්ස හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම හිමිනම විසින් ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමි විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අද (29) දින එම හිමිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය.
සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් පසුගිය සමයේ ප්‍රසිද්ධියට පත් එම හිමියන් භික්ෂූත්වයට නුසුදුසු අයුරින් හැසිරෙන බවට පසුගිය සමයේ චෝදනා එල්ල විය.