රාජ්‍ය සේවකයන් ලක්ෂ පහමාරක් ඉවත් කළ යුතුයි… නැත්නම් ඔළුව උස්සනවා බොරු…! – ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක…

December 3, 2024 at 7:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කළ නොහැකි බවත් ඉතා ඉක්මනින් රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවත් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව පවසයි.

මේ වන විට ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවය වහාම ලක්ෂ හතහමාර දක්වා අඩු කළ යුතු බවයි, ජනාධිපති උපදේශකවරයා අවධාරණය කළේ.

මහා භාණ්ඩාගාරයේ ඇති මුදල් විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රාජ්‍ය සේවක ප්‍රමාණය අඩු කර ඩිජිටල්කරණයට යොමු විය යුතු බව ද දුමින්ද හුලංගමුව පෙන්වා දෙයි.

රාජ්‍ය සේවය ලක්ෂ හතහමාරකට අඩු කොට ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් ගෙවීම මගින් දැන් අකාර්යක්ෂම බවට චෝදනා නැගෙන රාජ්‍ය සේවය කාර්යක්ෂම කළ හැකි බව ද ඔහු අවධාරණය කරයි.

කොළඹ බණ්ඩානායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *