රාජ්‍ය ගෞරව නෑ… කලාකරුවන්ගේ බුහුමන් නෑ… මුනි නන්දන සිරිපාද වැඳ රහසේම නික්ම යයි…!

June 7, 2025 at 1:09 pm | by emanisa.lk

සිංහල සංගීතය උදෙසා සුවිශාල සේවයක් කළ ග්‍රැමෆෝන් යුගයේ ජනප්‍රිය ගායිකාවක් වූ ග්‍රේටා ජැනට් ද සිල්වා පසුගියදා අභාවප්‍රාප්ත වූ අතර ජුනි මස 05 වෙනිදා මීගමුවේ දී අවසන් කටයුතු සිදුවිය.

සරළ ගී, සරල ශාස්ත්‍රීය ගී, කපිරිඤ්ඤා ආදී විවිධ ශෛලීන්වල ගීත ගායනා කළ ග්‍රේටා ජැනට්, මුනි නන්දන සිරිපාද වඳිම් ඇතුළු ගීත සමූහයක් ගායනා කළාය.

මෙම ගායිකාවගේ අභාවය වෙනුවෙන් රජයෙන් ශෝක ප්‍රකාශයක් පවා නොදුන් බවත් ඇගේ ගීත අනතුරුව ගායනා කළ කලාකරුවන් පවා අවමඟුලට සහභාගී නොවූ බවත් ඇගේ පවුලේ ඥාතීහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *