රවී ශානි යටතේ පාස්කු ප්‍රහාරය ගැන සෙවීම හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්..! – සුගීෂ්වර බණ්ඩාර….

July 16, 2025 at 3:56 pm | by emanisa.lk

අන්තවාදී ආගමික මතවාද ව්‍යාප්ත කරන ඇතැම් පූජකයන් ආගමික නායකයන් දේශපාලන ස්වරූපයෙන් මාලිමාණ්ඩුවේ සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසයි.

පාස්කු ප්‍රහාරය වන අවස්ථාවේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ අධ්‍යක්ෂවරයා වූ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යටතේ පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීම හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක් බව ද හෙතෙම සඳහන් කරයි.

එවැනි පුද්ගලයන් ළඟ තබා ගෙන කාදිනල්තුමාත් සතුටු කරමින් නටන විගඩම කුමක් දැයි තේරුම් ගත නොහැකි බව ද සුගීෂ්වර බණ්ඩාර අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *