රනිල් 2024 ජනාධිපති වෙන්නේ ඡන්ද ලක්ෂ 100ක් අරන්…! – වජිර…

October 22, 2023 at 7:41 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ඡන්ද ලක්ෂ 100ක් ලබාදී ජනපති පුටුවේ වාඩි කරවීම සඳහා පෙළ ගැසෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

සියලු දෙනා එකතු වුවහොත් ඒ කාර්යය කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.

රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්ව අගමැති වී ඉන් පසු ජනපති වන බව තමා වසරකට පෙර අනාවැකි කියා තිබූ බව කී වජිර අබේවර්ධන, මීළඟ ජනාධිපතිවරණයේ දී ඉතිහාසයේ වාර්තාගත වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන ඔහු නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *