රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය මාධ්‍ය හමු පැවැත්වීම අධිකරණයට සිදුකරන බලපෑමක් මෙන්ම අපහාස කිරීමක් බව ජාතික ජන බලවේග නීතීඥ සංගමයේ, නීතීඥ උපුල් කුමාරප්පෙරුම පවසයි.
විත්තිය විසින් උසාවියට ඉදිරිපත් කළ යුතු කරුණු ඔවුන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
මේ බලපෑම සමාජ දේහයටම ඇතුළු වී අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ඇති වන බව ද උපුල් කුමාරප්පෙරුම ප්‍රකාශ කරයි.
මෙම සිදුවීම දේශපාලන උවමනාවන් මත සිදුකරන බවට සමාජගත කිරීමට උත්සාහ කිරීම වැරදි බවත් එය ජනතාව අවබෝධ කරගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.