ජනතාව දැඩි ආර්ථික අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටින බැවින් රජය වහාම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීමට කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය නවින් දිසානායක පවසයි.
“රනිල් වික්‍රමසිංහ මහත්තයා රට භාරදුන්නේ යම්කිසි ස්ථාවරභාවයක් ඇතිව. දැන් වෙනකොට දවසින් දවස කබලෙන් ළිපට වැටෙන තත්වයකට තමයි මිනිස්සු පත්වෙලා තිබෙන්නෙ.
මොනවා හරි සහන මල්ලක් මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ. අපි කියන්නෙ මේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල වැට් එක අඩුකරලා මිනිස්සුන්ගෙ ජීවන වියදම අඩුකරන්න කියන එකයි.”
නවීන් දිසානායක මේ බව පැවසුවේ ඊයේ (03) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.