රනිල් ලෙඩ ගෝදාවක්…. ආයෙමත් දේශපාලනේ කරනවා බොරු… නීතීඥයෝ එයාව ඉවරම කළා…! – ඇමති ලාල්කාන්ත….

August 29, 2025 at 9:46 am | by Namal

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය නඩු වාරයේදී ඇප ලැබුණ ද එතුමාගේ නීතීඥවරුන් එතුමාට කළ හානිය අනුව එතුමාගේ දේශපාලන ජීවිතය තව දුරටත් වලංගු නොවන බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

“පොදු දේපළ පනත ගැන ජනතාව වැඩියෙන්ම ඉගෙන ගන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ දැන් නීතිමය ක්‍රියාමාර්ගයක් යන්න පටන් ගත්තාට පස්සෙ. දැන් දැනගන්නවා ජනතාව පොදු දේපළ පනත ගැන. වැවට ඇතුළු වෙලා නම් ? වැව පොදු දේපළක්. වැවේ පදිංචි වෙලා නම් පොදු දේපළක් අනිසි ලෙස පරිහරණය කරලා. සෙල්ලම් නෑ, පොදු දේපළක් අනිසි ලෙස පරිහරණය කරලා.

පොදු දේපළ පනත යටතේ අත් අඩංගුවට ගත්තොත් ඇප නෑ. නඩුව විභාග වෙලා දඬුවම් කරන කල් ඇප නෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇප දුන්නා. ඒ කොහොමද දෙන්නෙ ? විශේෂ කාරණයක් තියෙනවා නම් ඇප දෙන්න පුළුවන්. බලද්දී ලෙඩ ගෝදාවක්. ඉතින් ඇප නොදී කොහොමද ? අපිත් අත් අඩංගුවල ඉඳලා තියෙනවා. අපිවත් අත් අඩංගුවට අරගෙන තියෙනවා එක එක කාලවල විවිධ හේතු මත. දේශපාලන කාරණාවලට. අපි නම් ඇප ගන්නවත් අපේ කොන්ද කඩාගත්තෙ නෑ.

දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මොකද වුණේ ? ආයෙත් දේශපාලනයට ගේන්න බෑ. ඉවරම කළා. එතුමාට බරපතළම හානිය කළේ මං හිතන්නෙ ඇප ගන්න ගිහිල්ලා එතුමාගෙ නීතීඥයෝ. කිව්වානෙ අතනත් ලෙඩ, මෙතනත් ලෙඩ, වෑල් හතරෙන් එකක් සම්පූර්ණයෙන්ම වැහිලා, තව දෙකකුත් වැහිලා, මං හිතන්නෙ එක අවයවයක්වත් නෑ ලෙඩ නැති. ඉතින් එහෙම කෙනෙකුට දේශපාලනයේ ඉඩක් නෑනෙ ආයෙ. පව් ඒ මනුස්සයා, මං නම් කියන්නෙ. ඉවරම කරලා දැම්මා. ඇප හම්බුනා තමයි, නමුත් එතුමාගෙ දේශපාලන ජීවිතය කියන එක මෙතනින් එහාට වලංගු නෑ.”

කේ. ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ පොළොන්නරුව, කටුකැලියාව ප්‍රදේශයේදී ඊයේ (28) පැවති උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *