මේ වසරේ (2024) ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා සුරාසල් බලපත් 361ක් දී ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඇමැති රත්නායක ඊයේ (04) පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේය.
“මත්පැන් බලපත්‍ර සම්බන්ධ තොරතුරු සභාගත කරන බව මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ නිසා මම එම තොරතුරු ඉදිරිපත් කරනවා.
ජනාධිපති කාර්යාලය මඟින් මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් ලබාදී තිබෙනවා, නව සුරාබදු බලපත්‍ර ලබාදීම 2024 ජනවාරි 01 වැනිදායින් පසුව නිකුත් කර ඇති වාර්තාවක් මා වෙත නිකුත් කරන මෙන් දන්වමි.
එසේම නැවත දැනුම් දෙනතුරු කිසිම බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 22 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපියයි ඒ. කරුණු කිහිපයක් මේ සභාවේ අවධානයට යොමු කරනවා.
මෙම කාලය තුළදී බස්නාහිර පළාත තුළ මුළු බලපත්‍ර සංඛ්‍යාව 110ක්, දකුණු පළාත තුළ 48ක්, උතුරු පළාතේ 32ක්, නැඟෙනහිර පළාතේ 22ක්, මධ්‍යම පළාතේ 45ක්, උතුරු මැද පළාතේ 14ක්, වයඹ පළාතේ 30ක්, ඌව පළාතේ 30ක්, සබරගමුව පළාතේ 30ක් යනාදි වශයෙන් සමස්ත බලපත්‍ර 361ක් මෙම කාලය තුළදී ලබා දී තිබෙනවා. මේ වයින් සිල්ලර වයින් ස්ටෝස් කියන එකට අයිති වන්නේ එෆ්.එල්. 4 කියන බලපත්‍ර. එවැනි බලපත්‍ර ලබා දී තිබෙනවා මෙම කාලය තුළදී 172ක්.
කොළඹ 22ක්, ගම්පහ 18ක්, කළුතර 08ක්, ගාල්ල 09ක්, මාතර 05ක්, හම්බන්තොට 05ක්, යාපනය 05ක්, කිලිනොච්චිය 16ක්, මුලතිව් නැහැ, වවුනියාව 02ක්, මන්නාරම 02ක්, ත්‍රිකුණාමලය 04ක්, මඩකලපුව 01ක්, අම්පාර 05ක්, මහනුවර 11ක්, මාතලේ 06ක්, නුවරඑළිය 08ක්, අනුරාධපුර 04ක්, පොලොන්නරුව 03ක්, පුත්තලම 06ක්, කුරුණෑගල 08ක්, බදුල්ල 09ක්, මොනරාගල 07ක්, රත්නපුර 06ක්, කෑගල්ල 02ක්. ඒ අනුව එෆ්.එල්. 04 කියන බලපත්‍ර 172ක් තිබෙනවා.
මේ බලපත්‍රවලින් තමයි මන්ත්‍රීවරුන්ගේ නමුත් වෙනස් වුණේ බාර්තුමා කියලා. ඒ වගේම මීට අදාළ නාම ලේඛනය මම සභාගත කරනවා. ජනතාවට වගේම මන්ත්‍රීවරුන්ට දැනගන්නත් පුළුවන්. මේවා දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කරන්න පාවිච්චි කරා කියන එකත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කියන එක ප්‍රකාශ කරන්න කැමතියි.”