රනිල් වික්රමසිංහ සැලකියයුතු ලෙස බටහිර කඳවුර අතහැර දමා ඇති බව ඔහුගේ මෑත කාලීන අදහස් දැක්වීම්වලින් පෙනීයයි.
ඒ අතරම වඩාත් චීන හිතවාදි ස්ථාවරයකට ඔහු පැමිණ තිබීම සිත්ගන්නාසුළු තත්වයකි. බොහෝ විට ඔහුගේ ආණ්ඩු සමයේ දී ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් අපේක්ෂා කළ ප්රායෝගික සහාය නොලැබීම මේ තත්වය ඇතිවීමට බලපා තිබිය හැකිය.
මගේ නිරීක්ෂණයට අනුව, බටහිර හා ඉන්දියාව විසින් රනිල් අතහැර දැමූයේ හම්බන්තොට වරාය චීනයට ලබාදීමත් සමගයි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව චීන හිතවාදී බවට කෙතරම් ප්රචාරය කරනු ලැබුවත් මූලෝපායික මර්මස්ථානවල අයිතිය ඔවුන්ට ලබා දී නොතිබුණු බවද බටහිර තානාපති අංශවල කතා බහට ලක්ව තිබුණි.