රනිල් ජනාධිපති වුණේ හිරුයි මමයි නිසයි…! කළගුණ නොදත් රනිල්ට ඒ සියල්ල අමතකයි..!

February 17, 2023 at 1:32 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ තමන්ට ස්තූතිවන්ත විය යුතු බවත් ඔහු ජනාධිපති පුටුවේ සිටින්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ පළවා හැරි නිසා බවත් වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම සඳහන් කරයි.

එහෙත් ජනාධිපතිවරයා පොලිසිය ලවා තමන් අපහසුතාවට පත් කරන බවත් හෙට දිනයේ පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ ඇයිදැයි නොදන්නා බවත් හෙතෙම අවධාරණය කරයි.

පසුගිය වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරියේ විරෝධතාවක් කිරීමට එරෙහි නඩුවෙන් ඇප ලැබීමෙන් අනතුරුව රෙහාන් ජයවික්‍රම මේ බව සඳහන් කළේය.

තමන් නොමැති නම් රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති පුටුවේ නොමැති බවත් ඔහුට දැන් සියල්ල අමතක වී ඇති බවත් ඔහු වැඩි දුරටත් කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *