හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සඳහා දහ දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග එංගලන්තය බලා යෑම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලීම ලැබුණේ ජනාධිපති ලේකම් නන්දික සමන් කුමානායකගෙන් බව පොලිසිය පවසයි.
ඊට පදනම් වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දූෂණ විරෝධී ඒකකයට ලද පැමිණිල්ලක් බව ද නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ ප්‍රකාශ කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබා සහ ඇමරිකානු නිල සංචාර දෙකක් සිදුකර නැවත පැමිණෙන අතර එංගලන්තයට ගොස් ඇති බව ද ඔහු සඳහන් කරයි.
අද (23) මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මේ බව කීය.