රනිල්ට පොහොට්ටුව භාර දීලා රාජපක්ෂලා පැත්තකට විය යුතුයි…! – රාජිත…

June 22, 2024 at 3:20 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණ‍ය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදී රාජපක්ෂවරුන් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“පොහොට්ටුවේ ආර්ථික ඝාතකයෝ කියලා දැන් කොටසක් හඳුනාගෙන තියෙනවා. ඒ අයත් එක්ක හිටීම තමයි මේ රටේ මිනිස්සුන්ගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන සෘණාත්මක අගය.

ඒක මං එතුමාට කියලාත් තියෙනවා. මං හිතන්නෙ රාජපක්ෂවරුත් තීන්දුවක් ගන්න ඕනෙ තමන්ගේ කඳවුරක් දිනනවා නම් තමන් පැත්තකට වෙන්න.”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *