තමන් නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහට ප්‍රතිවාදී ජාතිකත්ව දේශපාලනය බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
හිටපු ජනාධිපතිවරයෙකුට මෙවැනි පදනම් විරහිත චෝදනා ගොනු කරමින් නඩු පැවරීම තමන් අනුමත නොකරන බව ද එය රටේ ප්‍රතිරූපයට හානිකරන සිදුවීමක් බව ද ඔහු අවධාරණය කරයි.
ජනාධිපතිවරයා ගිය රාජතාන්ත්‍රික ගමනක දී ලන්ඩනය හරහා පැමිණීම පදනම් කරගෙන වියදම් ගණනය කර නඩු පැවරීම මගින් මේ රජයේ දුගී යාචකත්ව මනස ප්‍රදර්ශනය කරන බව ද දිලිත් ජයවීර සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා අද වැලිකඩ බන්ධනාගාරයට ගොස් පැමිණ මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කීය.