රනිල්ට ඇප දෙන්න එපා… මැරෙන කල් හිරේ තබනු… අපි ආණ්ඩුව එක්කයි…! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය…

August 24, 2025 at 2:15 pm | by Namal

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය ඉතා දැවැන්ත එකක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

එහෙත් ඔහු නැවත නිදහස් කළහොත් එය නයාට ගසා පොල්ල වරද්ද ගැනීමක් හෙයින් එය ආණ්ඩුවට විශාල අභියෝගයක් විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

එළඹෙන සඳුදා රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීමට ඉඩ ලබා නොදිය යුතු බවත් ඔහුට එරෙහිව බටලන්ද සහ මහ බැංකු චෝදනා ද ගොනුකළ යුතු බවත් දුමින්ද නාගමුව අවධාරණය කරයි.

ඒ වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම දේ කරන බවත් රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් පමණක් නොව සාමාන්‍ය ජීවිතයෙන් ද ඉවත් කර ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට කටයුතු කරන ලෙස ද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *