2024 මාර්තු බඩු මිල සමග සසඳන විට 2025 මාර්තු බඩු මිල 20%කින් පහත බැස ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
2024 මාර්තු කිලෝව රු. 400ක් ලොකු ලූනු මේ වන විට රු. 180ට පහත බැස ඇතැයි ද දුඹුරු සීනි රු. 430 සිට රු. 285ටද ටින් මාලු රු. 290 සිට 270ට ද ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මේ ආකාරයට භාණ්ඩ වර්ග 40ක මිල අඩු කර ගැනීමට සතොස ඔස්සේ හැකි වී ඇති බවත් එමගින් 20%ක මිල පහත වැටීමක් සිදුව ඇති බවත් වසන්ත සමරසිංහ සඳහන්කරයි.
පසුගියදා (19) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.