රනිල්ගේ නගුටවත් අල්ලන්න මේ ආණ්ඩුවට බෑ….! – චාමර සම්පත් දසනායක…

April 11, 2025 at 11:56 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුට රනිල් වික්‍රමසිංහගේ නගුටවත් ඇල්ලීමට හැකියාවක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමාර සම්පත් දසනායක පවසයි.

“මාලිමාවේ 159න් 158කට මේක අදාළ නැහැ. රනිල් වික්‍රමසිංහගේ හොඳම ගොට්ටා 2015 දුෂණ විරෝධී කමිටුවේ සභාපතිගේ කතාවෙන් පස්සේ මට කතාව ලැබීම ගැන මම සතුටු වෙනවා. රනිල්ගේ ෆයිල් ටික තියාගෙන ගොටු වැඩ කරපු කෙනා කතා කළාට පස්සේ මම කතා කරන එක ගැන මම සතුටු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මයිල් ගහක් හොලවන්නේ නැහැ මේ ආණ්ඩුව.

ඉලුක්පිටිය, පාස් පෝට් ඔෆිස් එකේ ලොක්කා මාස හයයි තාම ඇප නැහැ. රජයේ නිලධාරියෙක්. මම මේ වටගල මහත්තයට කතාකරන්නේ එයා නියෝජ්‍ය ඇමති වුණාට නීතිඥයෙක්. නිකන් දෙකයි පනහේ ඇමතිලට අපි කියල වැඩක් නැහැ. ඇමති වුණාට දෙකයි පනහේ ඇමතිවරු ඉන්නව මේකේ. මෙලෝ හසරක් දන්නේ නැති දෙකයි පනහේ ඇමතිලට මම කියනවා නෙවෙයි. මහත්තයා මේක අහගන්න රාජ්‍ය සේවකයෙක් මාස හයයි ඉලුක්පිටිය අදත් තපිනවා. ඇමති ගිහින් CID එකේ උත්තර දීලා ආවා. ඇමතිව ගන්නේ නැහැ. මෝරු ටික ගන්නේ නැහැ. හාල්මැස්සෝ ටික ගන්නේ.

අද ගත්ත මිනිස්සුන්ගෙන් චාමර සම්පත් විතරයි පාර්ලිමේන්තුව නියෝජනය කරන මිනිහෙක්ට අත්අඩංගුවට අරන් තියෙන්නේ. අනිත් ඔක්කොම කවුද? පිල්ලෙයාන් පැරදිච්ච මිනිහෙක්. මර්වින් සිල්වා පැරදිලා ගෙදර හිටපු මිනිහෙක්. දැන් අර හොයන ප්‍රසන්න රණවිර පැරදිලා ගෙදර ඉන්න මිනිහෙක්. වියාලේන්ද්‍රන් පැරදිලා ගෙදර ඉන්න මිනිහෙක්. කවුද ගත්තේ මේ ආණ්ඩුව. ගත්නම් දශමයක් හරි යකෝ ජනතාවගේ කැමැත්ත ඇති එකෙක් ගත්තා නම් ගත්තේ චාමර සම්පත් විතරයි.
අනික් කිසිම එකෙක් ගන්නෙත් නැහැ ගත්තෙත් නැහැ. මට ඒක විශ්වාසයි. රනිල්ගේ නගුටවත් අල්ලන්න වෙන්නේ නැහැ. මේ දෙන්නම පොලිස් ඇමැතියි, ජනාධිපතියි දෙන්නම කරන්නේ නෑ. පුළුවන් නම් කරනවා. අපි දන්නවා බටලන්ද ගැන කතාකරනවා තවත්. බටලන්ද ගැන තවත් මොනවද කතා කරන්නේ බදුල්ලේ ආරක්ෂක රාජ්‍ය ඇමති මස් කඩේ තිබ්බේ පස්සර බදුල්ල මොර්ටර්ස්. බෙරගල කැම්ප් එකක් තිබ්බා. බෙරගල කැම්ප් එක තමයි බටලන්දට වඩා ලොකුවට තිබ්බේ.

බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ලා කවුද? ඔයගොල්ලන්ගේ ඇමති. මම නම කියන්නේ නැහැ. කිව්වොත් රෙදි නෑ. ඇයි ආණ්ඩුව බය. පාර්ලිමේන්තුවේ බය වෙන්න ඕනේ නෑ. මම කියන්න ඕනේ නැහැ මේ කතාවෙන් පස්සේ තව ටිකකින් ලස්සනට කියයි අහවලා අහවල කියල කියයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කිසි දෙයක් කරන්නේ නැහැ. කරන්න පෙළඹෙන්නෙත් නැහැ. ඒක වගකීමෙන් කියනවා. ඔන්නම් ඔය පොඩි පොඩි එවුන් ටික අරන් දවස 14ක් 15ක් ඇතුළට දාලා පොඩි චුන් එකක් ගන්නවා විතරයි. ඒ ඇරෙන්න වෙන චුන් එකක් ගන්න බැහැ ඔයගොල්ලන්ට.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 18ක් මැරුවා. ජනාධිපතිවරණය වෙලාවේ අපේ ජන්ද පෙට්ටි බර ගාණකට ඡන්දේ දාන්න දුන්නේ නැහැ. ඒ නිසා අපි 89 ජනාධිපතිවරණය පැරදුණා. කුමාරතුංග මැරුවා. අද විජය කුමාරතුංග මරපු එක ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒ වගේම රෝහණ විජේවීර මහත්තයා මැරුවා. රෝහණ විජේවීර මහත්තයාගේ පවුලට තාම කතා කරන්නේ නැහැ. අපි 71 පැත්තකට තියමුකෝ. 88 -89 හැටදාහක් තරුණයෝ ජනතා විමුක්ති පෙරමුණ හන්දා මැරුණා. අද වෙනතුරු මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මාස හයයි අඩුම වශයෙන් පින් අනුමෝදන් කරලා දානයක් දුන්නේ නැහැ. අඩුම වශයෙන් ලියුම් කෑල්ලක් ඒ මැරිච්ච දරුවන්ගේ අම්මල, තාත්තලට යැව්වේ නැහැ.
අනිත් ආණ්ඩුව හැම වෙලාවේම අසාධාරණය වෙනුවෙන් මොනව හරි කළා. 94 මේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරපු බර ගාණකට සමෘද්ධි පත්වීම් ගොවි නියාමක පත්වීම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කමිටු දාලා අසාධාරණයට ලක්වුණ තරුණයින්ට උදව් කළා. මේ ආණ්ඩුව තවවෙනතුරු ඒ පවුලක් වෙනුවෙන් සැලකිල්ලක් දැක්කුවේ නැහැ. උදව් කළේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව යන්නේ මාලිමාව කියල වෙන එකක් දාගෙන ජනතා විමුක්ති පෙරමුණ පැත්තකට දාගෙන ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපවෙච්ච මැරිච්ච මිනිස්සු අමතක කරලා ඒ පවුල් අමතක කරලා මේගොල්ලෝ මේ අලුත් ගමනක් යන්නේ. හරියට දැන් ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි විදිහට යන්නේ.”

ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) බටලන්ද වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *