රනිල්ගේ කකුලෙන් අදින්න ආණ්ඩුව පෙරළන්න අපි ඉඩ තියන්නේ නෑ…! – එස්.එම්. චන්ද්‍රසේන…

May 3, 2023 at 6:23 pm | by emanisa.lk

පසුගිය මැයි දිනයේ දී වෙනසක් සිදුකරන බවට පැවසුවේ ආණ්ඩුවේ නොවන බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.චන්ද්‍රසේන පවසයි.

වෙනස සිදුකරන්නේ වැඩපිළිවෙළෙහි බවයි, ඔහු සඳහන් කළේ.

ගෙවුණු කාලයට වඩා හොඳ වෙනසක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවයි, මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ.

වත්මන් ජනාධිපතිවරයා පත්කර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශීර්වාදයෙන් බවත් ඉදිරි කටයුතුවල දී ද ජනාධිපතිවරයාට සහය දෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමට හෝ ආණ්ඩුව වැට්ටවීමට හෝ වෙනත් බලවේගයක් ඇති කිරීමට හෝ කිසිදු අදහසක් නොමැති බවයි, හිටපු අමාත්‍ය චන්ද්‍රසේ වැඩි දුරටත් අවධාරණය කළේ.

හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මේ බව පැවසුවේ අද (03) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස