රනිල්ගේ ආරාධනා පත්‍රය විමර්ශනයට CID පහක් එංගලන්තයට… නීතිපති උපදෙස් නෑ, නීතිපත දන්නෙත් නෑ…

November 16, 2025 at 7:28 pm | by emanisa.lk

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රයේ සත්‍යතාව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

පස් දෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ශන කණ්ඩායමේ පිටත්ව යාම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කර නොමැත.

නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර ඇත්තේ, නීතිපති පරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ඇතුළු දෙපාර්තමේන්තුවේ ඉහළම පෙළේ නිලධාරීන් පවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් රාජධානිය වෙත යවන බවට නොදැන සිටි බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ කනිෂ්ට නිලධාරීන් දෙදෙනෙකු දින පහක කාලයක් සඳහා මෙලෙස පිටත්ව ගොස් තිබේ.

එසේම මෙම නිලධාරීන් කණ්ඩායම හෙට දින (17) එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය.

මෙම සංචාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට, එය පුද්ගලික සංචාරයක් බව පවසමින් එම දෙදින සංචාරය සඳහා රුපියල් මිලියන 16.6 ක පොදු මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන කෙටි කලකට රිමාන්ඩ් භාරයේ තබා පසුව ඇප මත මුදා හැර ඇත.

මූලාශ්‍රය- Sunday Times

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *