රන්වල හැප්පෙද්දි පොලිසියේ බීමත්දැයි බලන බැලුන්වල හිඟයක් තිබුණා…! – අමාත්‍ය ආනන්ද විජේපාල…

December 16, 2025 at 12:04 pm | by emanisa.lk

පොලිසි තුළ පොදුවේ ශ්වසන පරීක්ෂණ නළ (බැලුන්) හිඟයක් පවතින බවත් පෙරේදා දින බැලූන් තොගයක් ගෙන්වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලගේ රිය අනතුර සහ ඔහු පරීක්ෂාවට ලක් කිරීම ප්‍රමාද ඇයිද යන්න පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම බැලුන් තොගය තත්ත්ව පරීක්ෂණයට ලක් කරන තෙක් පිට කිරීමට නොහැකි බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා පැවසුවේ පුද්ගලයෙකු රිය අනතුරකට ලක් වූ පසු ඔහු මුලින් ම ඇතුළු කරන ස්ථානයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බවත් ඒ අනුව එම පුද්ගලයා මුලින්ම රෝහලට ඇතුළත් කළේ නම් ඇල්කොහොල් ශරීරගත වී ඇත්දැයි පරීක්ෂණය සිදු කරන්නේ රෝහලෙන් බවත් ය.

එමෙන් ම, අදාළ පුද්ගලයා පොලිසියට රැගෙන ගියේ නම් එම පරීක්‍ෂණය සිදු කරන්නේ පොලිසියෙන් බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *