ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිට සමාජයට ආදර්ශ දෙමින් වගකීමෙන් වැඩ කළ පක්ෂයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ආශූ මාරසිංහ පවසයි.
යම් යම් වැරදි නිසා පක්ෂයේ ලේකම්වරුන් මන්ත්‍රීවරුන් පවා ඉවත් කිරීමට ජවිපෙ අතීතයේ කටයුතු කළ බවයි, ඔහු සඳහන් කළේ.
වත්මන් කතානායක අශෝක රන්වල සිය ආචාර්ය උපාධිය පිළිබඳ අසත්‍ය පවසා ඇත්නම් එම ආදර්ශය ඉදිරියටත් ආරක්ෂා කරගනිමින් ඔහු කතානායක ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් කළ යුතු බව ආශු මාරසිංහ අවධාරණය කරයි.
එවිට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මෙන් තමන් ළඟම සිටින අයකු වුව ද වරදක් කර ඇත්නම් ඊට දඬුවම් දෙන සොඳුර ආඥාදායකයකු බවට අනුර දිසානාය ජනාධිපතිවරයාට පත්විය හැකි බව ඔහු ප්‍රකාශ කරයි.
අද (11) මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය ආශූ මාරසිංහ මේ බව කීය.