රන්වලලා උදේ හතරේ හිටං රෑ 12-1ටත් දිගටම වැඩ…. අනතුර වුණේ හොඳ වාහනයක් නොදුන් නිසායි…!

December 13, 2025 at 12:20 pm | by emanisa.lk

ගම්පහ දිස්ත්‍රික්කය හදිසි ආපදා තත්ත්වයට මුහුණපෑ නිසා අශෝක රන්වල ඇතුළු මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස වෙහෙසී වැඩ කිරීමට සිදුව ඇතැයි මාධ්‍යවේදී භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් පවසයි.

උදේ 4.30-5ට අවදි වන මන්ත්‍රීවරයෙක් නැවත රාත්‍රී 12-1ට නින්දට යන තුරු එක දිගට වෙහෙසි රාජකාරී කරන බව ද එම කටයුතු අතර ඔහුට රියදුරාගේ කාර්යභාරය ද ඉටු කිරීමට සිදුවීම තෙහෙට්ටු සහ මහන්සි කාර්යයක් බව පිළිගත යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරුන්ට හොඳ වැටුපක්, හොඳ වාහනයක්, රියදුරෙක් සහ ආරක්ෂාවක් අවශ්‍ය බව තමන් හැමදාම කීවේ එම නිසා බව ද භාරත තෙන්නකෝන් අවධාරණය කරයි.

ඒ වරප්‍රසාද භාවිත නොකර සරල බවක් පෙන්නීම සඳහා කටයුතු කිරීමෙන් මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බවත් අධික වැඩ සහ ආචාර්ය උපාධි ප්‍රශ්නය නිසා රන්වල වැනි දුර්වල අයකුට පීඩනය දරාගත නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරිමින් මේ බව ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *