අශෝක රන්වල කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපති අනුර දිසානායක පිළිගෙන තිබේ. ඊට අදාළ ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිිමේන්තු මහ ලේකම්වරිය වෙත යොමු කර ඇත.
මේ අනුව ඊළග පාර්ලිමේන්තු දිනයේ නව කතානායකවරයෙකු තෝරා ගැනීමට සිදුවෙයි.
ඒ සඳහා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුණආරච්චි යන නම් යෝජනා වී ඇතැයි වාර්තා වෙයි. මෙයට පෙර වාර්තා වූයේ නිහාල් අබේසිංහ ඒ සඳහා යෝජනා වී ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යේෂ්ඨයකු වන නිහාල් ගලප්පත්තිගේ නම මෙයට පෙර ද කතානායක ධුරයට යෝජනා විය. වෛද්‍ය රිස්වි සාලි මැතිවරණ සමයේ ව්‍යාජ ලෙස විශේෂඥ වෛද්‍ය නාමය යොදා ගත් බවට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වී නොකළ බවට සමාජ මාධ්‍යවල චෝදනා එල්ල වෙයි.