රන්වලගේ ඇල්කොහොල් වාර්තාව තවම නෑ… දවස් 04කට පසු පොලිසියෙන් ප්‍රකාශකයක්…!

December 15, 2025 at 9:53 am | by emanisa.lk

පසුගිය 11 වෙනිදා රිය අනතුරකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් පවසයි.

ඔහු පවසන්නේ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර ගන්නා බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ අශෝක රන්වල ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුවු අතර එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගත් අතර කොළඹ ජාතික රෝහලට පැමිණි මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *