අශෝක රන්වල රිය අනතුරින් පසුව රාගම රෝහලට ගිය බවට පැතිර යන ප්‍රවෘත්ති අසත්‍ය බව අශෝක රන්වලගේ රියදුරා වන තිලක් බාලසූරිය පවසා ඇතැයි වරුණ රාජපක්ෂ පවසයි.
රන්වලගේ රියදුරාගේ සමාජ මාධ්‍ය සටහනක් උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ එම බොරුව කියා රටම මුළා කර අශෝක රන්වල ද අපහසුතාවට පත්කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් බවයි. එහෙයින් වුඩ්ලර්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද වරුණ රාජපක්ෂ පෙන්වා දෙයි.
එසේම කොළඹ රාජකාරිවලින් අනතුරුව රියදුරුට වෙහෙස නිසා රන්වල ඔහුට නිවාඩු දී වාහනය පැද ගෙන ගිය කතාව බොරු බවත් දහවල් කොළඹ මහජන පුස්තකාලය අසල වාහනය නතර කොට නැවත එය පදවා ගෙන ගියේ ද රන්වල බවත් වරුණ රාජපක්ෂ හෙළි කරයි.
සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.