රථවාහන නැවතුම් ගාස්තු තීන්දුව රිවර්ස්… හෙට සිට අය යළි කෙරේ…!

March 22, 2026 at 4:04 pm | by emanisa.lk

කොළඹ නගරයේ අත්හිටුවා තිබූ රථ වාහන නැවතුම් ගාස්තු අය කිරීම නැවත ආරම්භ කරන බව කොළඹ මහා නගර සභාව පවසයි.

ඒ අනුව හෙට (23) පෙ.ව. 6.00 සිට නැවත සුපුරුදු පරිදි එම රථවාහන ගාල් කළමනාකරණය හා ගාස්තු අය කිරීමට නියමිතය.

ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලිම් හේතුවෙන් නැවතුම් ස්ථානවලට සිදු වූ බලපෑම හා ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාවට සහනයක් ලෙස රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය (18) වැනිදා සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබුණි.

දැනට ක්‍රියාත්මක QR කේත ක්‍රමය අනුව වාහන පෝලිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් නැවත ගාස්තු අයකිරීම ආරම්භ කළ බව කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *