රතු පාතාළයට සම්බුද්ධ ශාසනය විනාශ කරන්න ඉඩ දෙන්න එපා…! – පාඨලී…

September 16, 2024 at 8:02 pm | by emanisa.lk

අනුර කුමාර දිසානායක අනුරාධපුරයට පැමිණ ජය ශ්‍රී මහා බෝධියට ගොස් වන්දනා කරන ඡායාරූප නොගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඊට හේතුව ඔවුන් ගොඩනැගීමට බලාපොරොත්තු වන්නේ ලෞකික නිරාගමික රාජ්‍යයක් වීම බවයි.

අනුර බලයට පත්වුවහොත් පාසලේ ආගම ඉගැන්වීම ද ඉරිදා දහම් පාසල ද අවසන් කරන බව ප්‍රකාශ කළ පාඨලී චම්පික රණවක අවධාරණය කළේ අත්වල ලේ තැවරුණු කල්ලියකට පිරිත් නූල් ගැටගසා රට විනාශ මුඛයට ඇද නොදමන ලෙසයි.

රතු පාතාළයට මේ රටේ සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට ඉඩදෙන්නේ දැයි පාඨලී චම්පික රණවක ජනතාවගෙන් විමසා සිටියේය.

අද (16) අනුරාධපුර නගරයේ දී සමගි ජන බලවේග ප්‍රචාරක රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *