රණවිරුවන් රැකගත් රටේ භෞමික අඛණ්ඩතාව පාවා දී අවසන්….! – දිලිත් ජයවීර….

April 26, 2025 at 9:43 am | by emanisa.lk

විකෘති දේශපාලන තත්ත්වය මත ඉතාම අවිනිශ්චිත වර්තමානයක් ගොඩනැගී ඇති බව සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

මේ වන විට රටේ කිසිම පුරවැසියෙක් නොදන්නා ගිවිසුම් ඉන්දියාව සමඟ අත්සන් කර තිබෙන අතර ජනතාව ලෙස කුමන ගිවිසුමකින් බැඳී සිටින්නේද යන්න පිළිබඳව නොදන්නා බවයි ඔහු සඳහන් කළේ.

තමන් ද සමබන්ධ වී සිටි ජවිපෙ පන්ති පහේ ඉතාම ආකර්ශනීය පන්තිය වූයේ ඉන්දියානු ව්‍යාප්තවාදය වුවද එය වලංගු නොවන්නේ කවදා සිටද යන්න ජීවිත පුජා කළ තරුණ තරුණ තරුණියන්ගේ ඥාතීන් දැනගත යුතු නැද්ද යන්න පිළිබඳව දිලිත් ජයවීර ප්‍රශ්න කරයි.

විරෝධාර රණවිරුවන් දිවි පුදා රැකගත් අපගේ භෞමික අඛණ්ඩතාව කොහේ හෝ අඳුරු කාමරය තවත් රටක් සමඟ ගැසූ ගිවිසුමකින් අහිමි වී තිබෙන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

දිලිත් ජයවීර මෙම අදහස දක්වා සිටියේ ඊයේ (25) මාතර දිස්ත්‍රික්කයේ පැවති පළාත් පාලන අපේක්ෂක හමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *