රට හුස්ම ගන්න පටන් ගත්තා විතරයි… වැඩවර්ජන සාධාරණ නෑ… සදාචාරාත්මක නෑ…! – නි. ඇමති මහින්ද ජයසිංහ….

November 24, 2026 at 3:58 pm | by emanisa.lk

වසර ගණනාවක් පුරා ලෙඩෙක් බවට පත් කර තිබූ රටක් වත්මන් රජය විසින් යළි සුවපත් කරමින් සිටින මොහොතක නැවතත් රට ලෙඩ වීමට ඉඩ දිය හැකිදැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රශ්න කරයි.

රජය බලයට පත්ව අවස්ථා තුනකදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කර ඇති බවද එවැනි පසුබිමක යළිත් වැඩවර්ජන ක්‍රියාමාර්ගවලට එළඹීම සාධාරණදැයි සිතා බැලිය යුතු බවද ඔහු සඳහන් කරයි.

වෘත්තීය සමිතිවලට සිය විරෝධය පළ කිරීමට අයිතියක් තිබුණ ද එවැනි ක්‍රියාමාර්ගවල සදාචාරාත්මකභාවය පිළිබඳව ද ඔවුන් අවධානය යොමු කළ යුතු හෙතෙම පෙන්වා දෙයි.

වැඩ කරන ජනතාවට වෙනත් කිසිවෙකුගේ බලපෑම්වලට නොව තම හදවතට එකඟව තීරණ ගනිමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ද මහින්ද ජයසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ජන හමුවක් අමතමින් මහින්ද ජයසිංහ මේ බව කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස