ඉදිරි පළාත් සභා මැතිවරණය අප්‍රේල් මාසයේ පැවැත්වෙන බවත් විධායක ජනාධිපති සහ පාර්ලිමේන්තු බලය තිබුණත් තම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් බිමේ බලය ද අවශ්‍ය බව ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර පවසයි.
වත්මන් පාලනය විසින් හොඳ දේශපාලන සංස්කෘතියක් මෙරටට හඳුන්වා දී ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
හැව හැර අලුත් වී ශක්තිමත්ව අධිෂ්ඨානශීලීව ඉදිරියට යායුතු අතර ඊට ඉවසීම අවශ්‍ය බවත් අරුණ ජයසේකර සඳහන් කරයි.
උත්සව අවස්ථාවකදී හෙතෙම මේ බව පැවසුවේය.