රට වෙනුවෙන් ඕනෑ ම බරක් කර ගහන්න සූදානම්..! – සරසවි සිසුන්ට රවීගෙන් ප්‍රතිඥාවක්…

June 27, 2022 at 11:32 am | by emanisa.lk

විදේශ විනිමය උපයා ගනිමින් රාජ්‍ය ආදායම ද වැඩි කර ගෙන රටේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ආසියාවේ හොඳම මුදල් ඇමති ලෙස සිය දැනුම, අවබෝධය, පළපුරුද්ද, අත්දැකීම සහ නායකත්වය රට-ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිසක් හිටපු ඇමැති රවී කරුණානායක හමු වී ඉල්ලා තිබේ.

එම අදහස් සහ යෝජනාවලට සවන් දුන් රවී කරුණානායක, රට-ජනතාව වෙනුවෙන් ඕනෑම බරක් කරට ගෙන ඇපකැප වී ක්‍රියා කිරීමට තමා සූදානම් බව ද, රට-ජනතාව උදෙසා වන සිය වගකීම, යුතුකම සහ කාර්ය භාරය කිසිසේත් පැහැර හැරීමට ක්‍රියා නොකරන බව ද අවධාරණය කර සිටියේය.

1994 සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආචාර්ය සරත් අමුණුගම, කේ.එන් චොක්සි, මහින්ද රාජපක්ෂ, රවී කරුණානායක, මංගල සමරවීර, බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් මේ රටේ මුදල් අමාත්‍ය ධූර දැරුව ද ඒ කිසිවෙකු සිය වගකීම, රාජකාරිය, කාර්ය භාරය සහ යුතුකම සාධනීය ලෙස රට වෙනුවෙන් ඉටු කළා කියා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නොමැති බව එම විශ්වවිද්‍යාල සිසු පිරිස පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *